kandy braille & Talking books Library

About us

බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය

2010 සැප්තැම්බර් 8 වන දින මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයත්, මහනුවර මහා නගර සභාවත්, අන්ධ ජන සේවා මණ්ඩලයත්, සයිට් සේවර් ජාත්‍යන්තර ආයතනයත් එක්ව මෙම ඒකකය ආරම්භ කරන ලදී. දෘශ්‍යාබාධිත පාඨක පිරිස වෙත පොත පතේ ඇති වටිනාකම කියා දී, ඔවුනුත් මේ මහා සමාජයේ කොටස් කරුන්වන් කිරීමට දරණ වෑයමක ප්‍රතිඵලයක් ලෙස, මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය. මේ වන විට සාමාජිකයන් 28 දෙනෙකු මෙම පුස්තකාල සේවය ලබන අතර, දුර බැහැර සිටින පාසල් දු දරුවන් ද මෙම් විවිධ  සේවාවන් සඳහා හිමිකම් කියයි. සඳුදා දින සහ රජයේ නිවාඩු දින හැර අනෙකුත් සෑම දිනක ම මෙම සේවාවන් ලබා දෙන අතර, මෙම සියලු සේවාවන් ලබා ගැනීම සඳහා ඔහු හෝ ඇය බ්‍රේල් අංශයේ සාමාජිකත්වය ලබාගත යුතුය. මෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගෙන් වාර්ෂික මුදලක් අය නොකරන ,අතර පුස්තකාල අයදුම්පතට අදාළ මුදල පමණක් අය කර ගනු ලැබේ.

දෘශ්‍යාබාධිත පාඨකයා, සිය අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන මාධ්‍ය  බ්‍රේල් මාධ්‍යයයි. එහෙත් බ්‍රේල් මාධ්‍යයෙන් සැකසුණු, පොත්පත් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය ග්‍රන්ථ 50%ක් මුද්‍රණය වුවත්, වාර්ෂිකව බ්‍රේල් ග්‍රන්ථ මුද්‍රණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒවා ද පාසල් පෙළ පොත් පමණි. මීට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ බ්‍රේල් ග්‍රන්ථයක් මුද්‍රණයට වැය වන අධික පිරිවැයයි. බ්‍රේල්  මුද්‍රණ යන්ත්‍ර සඳහා වැය වන අධික මුදලත්, වැය වන මුදලට සාපේක්ෂව එම ග්‍රන්ථ මිලදී නොගැනීමත් මීට හේතුවක් වී ඇත. මීට කදිම නිදසුනක් වන්නේ 2010 වසරේ බ්‍රේල් අංශය වෙත පරිත්‍යාග ලෙස ලැබුණු බ්‍රේල් ග්‍රන්ථ  289 යි. මේ ගෙවුණු වර්ෂ 5ක කාලය තුළ ද, මෙම අංශය වෙත කිසිඳු බ්‍රේල් ග්‍රන්ථයක් නොලැබීම මෙම කාරණය වඩ වඩාත් තහවුරු කිරීමට සමත්වේ.  කෙසේ වෙතත් මෙම ගැටලුවට යම් විසඳුමක් ලෙස කථන ග්‍රන්ථ පටිගත කිරීමේ වැඩසටහනක් අප මේ වන විට ආරම්භ කර ඇත. තම ශ්‍රමය, ධනය මෙන් තමන්ගේ වටිනා කාලය කැප කරමින් දෘශ්‍යාබාධිත පාඨකයන්, වෙනුවෙන් නිදි වර්ජිතව ග්‍රන්ථ පටිගත කර අප වෙත ලබා දෙන සම්පත්දායක පිරිස මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතු වන්නේ එබැවිනි. එමෙන් ම මහනුවර මහ නගරසභාව වාර්ෂිකව කථන ග්‍රන්ථ ලබා මිලදී ගැනීම සඳහා වෙන් කරන මුදල ද මේ කාර්යය සාර්ථක කර ගැනීමට අත්වැලක් වී ඇත.

සැකසීම 2017 This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free