HOME

ඔබව සාදරයෙන් පිළිගන්නවා!
මේ මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ බ්‍රේල් හා කථන ග්‍රන්ථ අංශයේ වෙබ් අවකාශයයි. මෙම අංශය මගින් දෘශ්‍යාබාධිත පාඨකයින් සඳහා පුස්තකාල පහසුකම් ලබා දේ.
ඔබ දෘශ්‍යාබාධිත පාඨකයෙක් නම් ඔබට මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගනිමින් පහත සඳහන් සේවාවන් ලබා ගත හැකිය.
- නිවසේ සිට තම ජංගම දුරකථනය හෝ පරිගණකය මගින් කථන ග්‍රන්ථ ශ්‍රවණය කිරීමට ලැබීම.
- පුස්තකාලයට පැමිනීමෙන් තොරව මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වීම.
- දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ම විශේෂ වූ පරිගණක පුහුණුව /ජංගම දුරකථන පුහුණුව
- චලතාවය හා දිශානතිය පුහුණුව (සුදු සැරයටි පුහුණුව)
අපගේ කථන ග්‍රන්ථ ලැයිස්තුව ලබා ගැනීමට Kbl Books List පිටුව වෙත පිවිසෙන්න.